28.2 C
Colombo
Tuesday, May 14, 2024

මහ බැංකුව පොලී අනුපාත ගැන විශේෂ තීන්දුවක් ගනී

- Advertisement -

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 250කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 250කින් පහත දැමීමටයි තීරණය කර ඇත්තේ.

නව තීරණයට අනුව නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතිකය සියයට 13 දක්වාත් ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 14 දක්වාත් පහත දමා තිබෙනවා.

මහ බැංකුව නිවේදනය කළේ අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි වේගයකින් උද්ධමනය පහළ යෑම මත ඊයේ (31) රැස්වූ මුදල් මණ්ඩලය මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට තීරණය කළ බවයි.

මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම 2022 වසරේදී නිරීක්ෂණ වූ ඉතිහාසගත ආර්ථික ක්‍රියාකාරකම් සංකෝචනයෙන් පසු යළි ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සඳහා මුල්‍ය වෙලෙඳපොල මත පීඩනය ලිහිල් කිරීමක් අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි.

මේ අතර මැයි මාසය අවසන් වනවිට මෙරට නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා යනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළ කරනවා.

RECENT ARTICLES - SINHALA

බටේ මාරු වෙලා ඉන්ධන අපතේ ගිහින්-දයාසිරි

තෙල් සංස්ථාවේ ජෙට්.කේ.වන් ඉන්ධනවලට වැරදි බටයක් ගැසීම හේතුවෙන් ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගොස් තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද...

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමේ තීරණයක්

පළාත් පාලන මැතිවරණය සඳහා ලබාගත් නාමයෝජනා අවලංගු කිරීමට ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා සඳහන්...

LTTEයට පනවා තිබූ තහනම ගැන ඉන්දියාවෙන් තීරණයක්

ඉන්දිය රජය LTTE කොටි ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...