28 C
Colombo
Sunday, May 5, 2024

ටෘමන් සහ ෆර්ම් පන්නයේ මාධ්‍ය කලාවක්

- Advertisement -

එන්රික් ෆර්ම් යනු ප්‍රකට භෞතික විද්‍යාඥයෙකි. ප්‍රථම පරමාණු බෝම්බය නිෂ්පාදනය කළ කුප්‍රකට මෑන්හැට්න් ව්‍යාපෘතියේ ප්‍රධානියෙකි, ඔහු. ඇමරිකන් රජය විසින් ඔහුට සියලු වරදාන-වරප්‍රසාද ලබා දී තිබිණි. නිව්යෝර්ක්හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්යවරයා වූයේද ඔහු ය. ඕනෑම දෙයක් කළ හැකි මට්ටමේ බලයක් රජය විසින් ඔහුට ලබා දී තිබිණි. ඒ විනාශයට පොට පෑදූ නිසා ය. එහෙත් ඔහු විනාශකාරී හයිඩ්‍රජන් බෝම්බය නිපදවීමේ ඇමරිකානු තීරණයට බලවත් විරෝධය පළ කළේය. එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ හැරී ටෘමන්ට විරෝධය පළ කරමින් ඔහු කියා සිටියේ මෙමගින් මානව සංහාරයක් සිදු වන බවයි. එහෙත් ඇමරිකානු රජය එය පිළිගත්තේ නැත. ඔහු ප්‍රමුඛ කණ්ඩායමට හයිඩ්‍රජන් බෝම්බය නිෂ්පාදනය කරන ලෙස බල කෙරිණි.

එම පර්යේෂණ ක්‍රියාවලිය හරහා ඇමරිකාව යුද අවි ක්ෂේත්‍රයේ ඉදිරියටම ගියේය. ලෝක සංහාරකයා බවට පත් විය. මාධ්‍ය කියන්නේද හරියටම ෆර්ම් වගේ ය. රටේ මතය හසුරුවන ඔවුන්ට විශාල බලයක් තිබේ. සිව්වැනි ආණ්ඩුව කියන්නේද ඒ නිසා ය. ඒත් ඔවුන් ෆර්ම් වගේ න්‍යෂ්ඨික බෝම්බ හදන්නේය. ඒවායින් විනාශයක් සිදු වන බව ඇතැමුන් දන්නේ නැත. තමන්ට සිව්වැනි ආණ්ඩුව ලෙස ඇති බලය පිළිබඳ අභිමානයෙන් දෑස් වසාගෙනය, ඔවුන් සිටින්නේ. බහුතරයක් ෆර්ම් වගේම හයිඩ්‍රජන් බෝම්බ හදා, මානව සංහාර සිදු කිරීමේ තීරණ වලට විරුද්ධ ය. ඒත් හැරී ටෘමන් වගේ මාධ්‍ය හිමිකරුවන් හයිඩ්‍රජන් බෝම්බ හදන්නටම බල කරන්නේය. එහිදී කරන්නට දෙකක් තිබේ.

එකක් එය වෙනස් කිරීමට තරම් ශක්තියකින් විරෝධය පළකිරීම ය. අවංකව තමන් විශ්වාස කරන සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමය. එහිදී රැකියාව අහිමි වීම දක්වා වන අභියෝගවලට මුහුණ පෑමට සිදු වේ. අනෙක නම් ෆර්ම් වගේ කටයුතු කිරීමයි. විරෝධය දැක්වුවද, රජයට තවදුරටත් පක්ෂපාතී බව කියමින් අකමැත්තෙන් වුවද වැඩේ හරියටම කරදීමයි. අපේ බහුතරයක් මාධ්‍යවේදීන්ද එසේ ය. ඔවුහු මේවාට විරුද්ධ බවත්, මේවා කරන්නේ අකමැත්තෙන් බවත් කියති.

කොවිඩ් 19 වසංගත තතත්ත්වයේදී වෛරසය ආසාදිතයන්ගේ සහ ඔවුන්ගේ සමීපතමයන්ගේ පෞද්ගලිකත්වය අනාවරණය කිරීම සම්බන්ධයෙන් මෙය වඩාත් අදාළ වේ. එහෙත් ඔවුන් ෆර්ම්ගෙන් වෙනස් වෙයි. ඒ ෆර්ම්, ටෘමන් ඉදිරියේ විරෝධය පළ කළද, ඔවුන් මාධ්‍ය හිමිකරුවන් ඉදිරියේ එසේ නොකිරීමයි. ඔවුන්ගේ අවශ්‍යතාව හරියටම හඳුනාගෙන කටයුතු කිරීමයි. ආචාරධාර්මික, අනෙකාගේ නිදහසට ගරු කරන, අනෙකාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන මාධ්‍ය කලාව පසුපසට යමින් තිබේ. ඒ වෙනුවට ටෘමන් සහ ෆර්ම් පන්නයේ මාධ්‍ය කලාවක් ඉදිරියට පැමිණ තිබේ

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...