මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ වටිනා අත් ඔරලෝසුවක් සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
” චාටර් චූටි” නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අදාළ සැකකරු හෙරොයින් පාර්සලයක් සමගින් අද දින අත්අඩංගුවට ගත් බවයි මීගොඩ පොලිසිය සඳහන් කළේ.
ඉකුත් වෙසක් පොහෝ දින සැකකරු විසින් මෙම සොරකම සිදුකර තිබූ අතර අදාල මැණික විකිණීමට භාර ගත් ව්‍යාපාරිකයෙකු සහ මැණික් ගලෙහි හැඩය වෙනස් කිරීමට භාර ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ද මෙහිදී සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ