33 C
Colombo
Thursday, May 2, 2024

පොලිස් ලොක්කෙක්ගේ පුතෙකුට ලොකු වන්දියක් ගෙවන්න වෙයි

- Advertisement -

රිය අනතුරක් සිදුකර පොලිස් නිලධාරියෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් නවිඳු උමේෂ් රත්නායක නැමැත්තාට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

2019 වසරේ කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මංසන්ධියේ දී පොලිස් පරීක්ෂක ආනන්දසාගර සරච්චන්ද්‍ර මහතා මෙම රිය අනතුරට මුහුණ දී තිබුණා.

මේ අනුව විත්තිකරුට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 15කට අත්හිටුවන බව නියෝග කළා.

තවද රුපියල් 150000ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා මියගිය පුද්ගලයාගේ බිරිඳට රුපියල් ලක්ෂ 26ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කර තිබෙනවා.

2019 වසරේ පෙබරවාරි මස 10 වනදා කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේදී පොලිස් පරීක්ෂක ආනන්දසාගර සරත්චන්ද්‍ර මහතාව රිය අනතුරකට ලක් කොට බරපතළ තුවාල සිදුවූ අතර ඒ මහතා පසුව මිය ගොස් තිබුණා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයකු වන නවිඳු උමේෂ් රත්නායක නමැත්තාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා.

RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...