33 C
Colombo
Saturday, May 4, 2024

පොලිසිය සමන්ගේ බ්‍රේස්ලට් එකත් අරන් – නීතීඥ සේනක පෙරේරා

- Advertisement -

2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ (Police Narcotics Bureau) නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ අන්තෝනි ගමගේ සමන්ත ප්‍රීති කුමාර නමැති අයගේ මරණය අත්අඩංගුවේ සිටියදී පැරදීම නිසා ඇතිවූ මරණයක් බව ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සේනක පෙරේරා පවසනවා.

ඔහු කියන්නේ මෙවැනි පැහැදීම් පිළිබඳව මේ වනවිට නිරතුරුව වාර්තා වන බවයි.

මියගිය අය හික්කඩුවේ, තෙල්වත්ත පදිංචිකරුවෙක්. පසුගිය ජනවාරි 10 දින සවස තුනට පමණ පොලිස් මත්‍ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු නාරාහේන්පිට දී අත්අඩංගුවට ගෙන තිබුණා.

“ඕනෑම කෙනෙකුව අත්අඩංගුවට ගත්තාට පසුව ඔහු ගැන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයක් සහිතව යි පරීක්ෂණ පවත්වන්න ඕනෑ. පොලිසිය මුල් අවස්ථාවේ දී ම මේ මරණයට පත්වුණු සමන්ත ප්‍රීති කුමාර වැරදිකාරයෙක් කියන නිගමනය මත තමයි වැඩ කර තිබෙන්නේ.

ඒ වගේ ම වරදකරුවෙක් වූ කෙනෙක්ට වුණත් දඬුවම් නියම කරන්නේ උසාවියෙන් පමණයි. පොලිසියට අයිතියක් නෑ දඬුවම් නියම කරන්න.

මේ කියන මුදල් ඔහු එදා උදේ බැංකුවෙන් ගත්ත ඒවා. ඒ සම්බන්ධයෙන් බැංකු වාර්තා තිබෙනවා. ඔහු අතේ පැළඳ සිටි බ්‍රේස්ලට් එක පවා මේ නිලධාරීන් අරගෙන.

මේ කියන සමන්ත ව අත්අඩංගුවට අරගෙන පැය කීපයක් ඇතුළත තමයි තුවාල 49ක් ඇතිවෙනකන් මැරෙනතුරු පහර දීලා තියෙන්නෙ. මෑතක දි අපි දැක්කා රාජකුමාරි කියන කාන්තාවට පහර දී ඇය මියගොස් තිබුණා. ඒ වගේම මහර, වැලිකඩ බන්ධනාගාරවල සිදුවීම් සහ මෑතකාලයේ අත්අඩංගුවට ගත් බහුතරකට පොලිසියෙන් පහර කෑමට සිදුවෙලා තිබුණා.

ලෝකයේ පිළිගැනීමක් තිබෙනවා එක ම වරදට දඬුවම් දෙකක් දෙන්නෙ නෑ කියලා. නඩු අහලා උසාවියෙන් තමයි දඬුවමක් නියම කරන්නේ. වැරදිකාරයෙක් වුණත් මෙහෙම පහරකෑමකට ලක්වෙන්න වුණාම පොලිසියෙන් ගුටිකන එකටත්, උසාවියෙන් නියම කරන දඬුවමත් දෙක ම විඳින්න වෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ.

මේ වගේ දේවල් සිදු වුණා ම ජනතාවට පොලිසිය ගැන අවිශ්වාසයක් ඇතිවෙනවා. ඊට පස්සෙ ජනතාව පොලිසියට යන්නෙ නෑ. ඒ හේතුව නිසා සැබෑ අපරාධකරුවන් සැඟවෙනවා වගේ ම, ඒ ඒ පුද්ගලයන් පොලිසියට නොගිහින් ප්‍රශ්න විසඳන්න ගිහින් තවත් අපරාධ සිදුවෙන්න පුළුවන්.

ඒ නිසා මේ වගේ අපරාධවලට එරෙහි ව හඬ නගලා ඒවාට යුක්තිය ඉටු කිරීම ඉතා වැදගත්” යයි නීතිඥ සේනක පෙරේරා පවසනවා.

RECENT ARTICLES - SINHALA

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...