26 C
Colombo
Tuesday, April 30, 2024

කාන්තාවන්ට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් අවශ්‍යයි..!

- Advertisement -

කාන්තාවන්ට සිදුවන වෙනස්කම් හා කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව සොයා බලා ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා කතානායකවරයා වෙත ලිපියක් යොමුවී තිබෙනවා.

පාර්ලිමේන්තව නියෝජනය කරන මන්ත්‍රීවරියන් සියලු දෙනාගේම අත්සනින් යුතුවයි මෙම ලිපිය ඉදිරිපත් වී ඇත්තේ.

මෙම යෝජනාව අංක 03 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මහතා පවසනවා.

ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය ප්‍රවර්ධනය කරමින් එයට ගරු කරනු ලබන බව සහ ශ්‍රී ලංකාව තුල සියලුම කාන්තාවන් සහ දැරිවියන් සවිබල ගන්වනු ලබන බව සහතික කරමින්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන වෙනස්කොට සැළකීම්වලට ලක් වූ අයගේ නොවිසඳී ඇති ගැටලුවලට පිළියම් සෙවීම සඳහා ප්‍රධාන වශයෙන් මෙම මෙම කාරක සභාව යෝජනා කර තිබේ.

රැකියා, උසස්වීම් අවස්ථා සහ සේවා ස්ථානයේදී සිදුවන හිංසනයන් ඇතුළුව ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් පිළිබඳ කාන්තාවන්ගේ දුක්ගැනිවිලි විභාග කර බැලීම, සියලුම අංශවලට සහ සියලුම මට්ටම්වලට ප්‍රමාණවත් අභ්‍යන්තර සම්පත් වෙන් කර දීම සහ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම සඳහා ඇති ප්‍රවේශය සමාලෝචනය කිරීම සහ ඒ වෙනුවෙන් පෙනි සිටීම ඇතුළු යෝජනා දහයක් කාරක සභාවෙන් ඉටුවිය යුතු බවට මන්ත්‍රීවරියන් යෝජනා කරයි.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...