25 C
Colombo
Monday, April 29, 2024

2021 ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

- Advertisement -

වාර්ෂිකව මාර්තු 8 ලොව පුරා ජාත්‍යන්තර කාන්තා දිනය (World International Women’s Day)ලෙස සමරනු ලැබේ.
වෘත්තීය පරිසරය තුළ ඔවුන් මුහුණ දෙන එදිනෙදා ගැටලු ඉස්මතු කරන අතරම සෑම තරාතිරමකම කාන්තාවන්ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන ජයග්‍රහණ මෙම දිනයේදී සමරයි.

සෑම වසරකම මෙම දිනය තේමාවකින් සමරනු ලබන අතර 2021 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සඳහා තේමාව වන්නේ “අභියෝග කිරීමට තෝරන්න” (Choose To Challenge )යන්නයි. අභියෝගාත්මක ලෝකයක් යනු අවදියෙන් සිටින ලෝකයකක් වන අතරම අභියෝගයෙන් පැමිණෙන්නේ ද වෙනස් මාදිලි වලිනි. මෙම වසරේ තේමාවේ දී COVID-19 වසංගතය විසින් ගෙන එන අභියෝග ඉස්මතු කිරීම බලාපොරොත්තු වී ඇත.

ජාත්‍යන්තර කාන්තා දිනයේ ඉතිහාසය 1909 පෙබරවාරි 28 දක්වා දිව යයි. නිව්යෝක්හි ඇඟලුම් කම්කරුවන්ගේ වැඩ වර්ජනයට ගෞරවයක් වශයෙන් ඇමරිකානු සමාජවාදී පක්ෂය 1909 මාර්තු 8 නම් කර ඇත.

කෙසේ වෙතත්, ‘ජාත්‍යන්තර කාන්තා දිනය’ යන යෙදුම බොහෝ කලකට පසුව නිර්මාණය වූවකි. ලොව ප්‍රථම නිල සැමරුම 1911 දී යුරෝපීය රටවල් කිහිපයක කාන්තාවන් උද්ඝෝෂණ වලට සහභාගී වී ඇති බව ඉතිහාසයේ සදහන්ය .

මීට අමතරව, ලෝකය පුදුමයට පත් කරමින්, මිලියන සංඛ්‍යාත කාන්තාවන් පාරට බැස ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ රජයේ නිලතල දැරීමේ අයිතිය ඉල්ලා සිටියහ. උද්ඝෝෂණය පසුව බහු ස්ථර කාරණා ලෙස ප්‍රකාශයට පත් වූ අතර, කාන්තාවන් රැකියා ලිංගික වෙනස්කම්වලට විරෝධය දැක්වීමට පටන් ගත් අතර සමාන වැටුප් ඉල්ලා සිටියහ.

තවද,මාර්තු 8 වන දින ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට තවත් වැදගත් හේතුවක් වන්නේ මෙම දිනයේම ශාන්ත පීටර්ස්බර්ග්හි කාන්තා රෙදිපිළි කම්කරුවෝ විරෝධතා සඳහා වීදි බැස තිබීමත්ය.එසේම මෙම ක්‍රියාව රුසියානු විප්ලවයේ ජ්වලන බලය ලෙසද සදහන්ය .

කෙසේවෙතත් ,එක්සත් ජාතීන්ගේ සංවිධානය අවසානයේ මාර්තු 08 දිනය කාන්තා දිනය ලෙස හඳුනාගෙන 1967 සිට වාර්ෂිකව මෙලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට පටන් ගෙන ඇත.

– තක්ෂි දුල්සරා –

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...