28 C
Colombo
Tuesday, May 21, 2024

විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

- Advertisement -

හබරාදූව,පීල්ල ගොඩ චෛත්‍යාලංකාර විහාරස්ථානය වැඳපුදා ගැනීමට ගිය යුක්රේන ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් සිදු කළ බව කියන දහ නම හැවිරිදි තරුණයකු හබරාදුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු උණවටුන ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි සඳහන් වන්නේ.

උණවටුන ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටින මෙම සංචාරක කාන්තාව විහාරස්ථානය වන්දනාමාන කිරීමට යාම පුරුද්දක් කරගෙන සිට ඇති තැනැත්තියක් බව පොලීසිය පවසනවා.

සංචාරක කාන්තාව පෙරේදා(21) දිනයේ ද සුපුරුදු ලෙස විහාරස්ථානයට ගොස් බෝධිය වන්දනාමාන කිරීමේ නිරතව සිටින අවස්ථාවේ සැකකාර තරුණයා පැමිණ බුදු ගෙය වන්දනා කිරීමට ඇයට ආරාධනයක් කර තිබෙනවා.

එම තරුණයාගේ ආරාධනය අනුව මෙම සංචාරක කාන්තාව බුදු ගෙය වන්දනාමාන කර පිටතට පැමිණෙනවාත් සමගම එම තරුණයා ඇයට ලිංගික අතවරයක් කර පලාගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

උද්ධමනයේ ඉහළ යෑමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක්...

ඉන්දියාවේ ආරක්ෂාවට හානි වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ – අලි සබ්රි

වගකීම් සහගත අසල්වැසි රටක් වශයෙන්  ශ්‍රී ලංකාව, ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට හානි කිරීමට ඉඩ නොතබන බව විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා පවසා තිබෙනවා. ඉන්දීය ප්‍රවෘත්ති නාලිකාවක්...

බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අවසන්

බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසනවා. රුපියල් 25,000ක...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...