27.9 C
Colombo
Monday, April 29, 2024

ජපානය නැගෙනහිර චීන මුහුදට සන්නද්ධ හමුදා යැවීමේ සුදානමක

- Advertisement -

ජපානය, නැගෙනහිර චීන මුහුදට සන්නද්ධ හමුදා යැවීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නැගෙනහිර චීන මුහුදේ චීනය විසින් සිදුකරන මෙහෙයුම් සහ මුහුදු සීමා උල්ලංඝනය කිරීම් ඉහළයාම ජපානයේ මෙම තීරණයට හේතුව බව සදහන් වෙි.

නැගෙනහිර චීන මුහුදේ පිහිටි සෙනකාකු දූපත් ජපානය විසින් පාලනය කළද චීනය පවසන්නේ එය තමන්⁣ට අයත් බවයි.

මේ හේතුවෙන් අදාළ මුහුදු කලාපය තුළ බලය වැඩි කරගැනීම සදහා ජපානය මෙන්ම චීනයද අඛණ්ඩ අරගලයක නිරතව සිටියි.

මීට පෙර මසකට දෙවතාවක් බැගින් සෙනකාකු කලාපයේ මුර සංචාරවල නිරතවූ චීන ආරක්ෂක අංශ පෙබරවාරි මාසයේ සිට එය සතියකට දෙවතාවක් දක්වා වර්ධනය කර තිබෙි.

මෙම තත්වය ජපානයේ දැඩි අවධානයට ලක්ව ඇති අතර ඒ අනුව කලාපයට සිය හමුදා යොමු කිරීම කෙරෙහි ජපානය අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...