32 C
Colombo
Monday, April 29, 2024

ගීත මංකොල්ල සිදුවීමෙන් භාතිය-සන්තුෂ් නිදොස් කොට නිදහස්

- Advertisement -

ජැක්සන් ඇන්තනී මහතාගේ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ ගීතයක් භාතිය-සන්තුෂ් යන අයට අයත් සමාගමක් මගින් ප්‍රතිනිෂ්පාදනය කිරීමේ සිදුවීමකට අදාලව පසුගියදා දැඩි කතාබහකට ලක්වුණා.

අදාල සිදුවීමේදී ගිත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ගීතයේ තනු නිර්මාණය කරන ලද ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සදහන් කර තිබුණේ ඔවුන්ගේ කිසිදු අවසරයකින් තොරව හා කතෘ භාගයක් ගෙවීමකින් තොරව අදාල ගීතය කොල්ලකා ඇති බවයි.

මීට අදාලව ගීත නිර්මාණක කේන්ද්‍රය (OSCA) සංවිධානය කමිටුවක් පත්කර අදාල ගැටළුව පිළිබදව සොයාබැලීමට කටයුතු කර තිබෙනවා.

සරත් ද අල්විස්, අර්නස්ට් ද සොයිසා, ආචාර්ය සෝමරත්න දිසානායක, විශාරද එඩ්වඩ් ජයකොඩි, බන්දුල නානායක්කාරවසම්, නීලාර් එන්.කාසිම්, රොහාන් ද සිල්වා, ජානක වික්‍රමසිංහ, නලීන් පෙරේරා හා සමන්ත පෙරේරා යන කමිටු සාමාජිකයින්ගෙන් යුත් කමිටුව ඊට අදාල වාර්තාව පසුගියදා ඔස්කා සංවිධානය වෙත භාරදීමට කටයුතු යොදා තිබුණා.

ඊට අනුව අදාල වාර්තාවේ දැක්වෙන්නේ භාතිය-සන්තුෂ් නියෝජනය කරන සමාගම මඟින් චිත්‍රපටයේ නිෂ්පාදකගෙන් විමසා ඔහුට අදාළ ගීතයේ හිමිකම ඇතිබවට ලේඛන ඉදිරිපත් කර තිබූ බැවින් කතෘභාග මුදලක් ගෙවා තිබූ අතර එය කිසිසේත්ම ගීත මංකොල්ලයක් හෝ හොරකම් කිරීමක් නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...