33 C
Colombo
Monday, April 29, 2024

#ProtestSriLanka හරහා දිනේෂ් ගුණවර්ධනට මියන්මාර වැසියන්ගේ දැඩි විරෝධතාවය

- Advertisement -

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ වන විට මියන්මාර වැසියන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර #ProtestSriLanka යන හෑෂ්ටැගය සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

මියන්මාරයේ පැවති රජය ලෝකයේ සියළුම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ගේ පාහේ විරෝධය මැද බලයෙන් පහ කරමින් බලය අල්ලා ගත් එරට හමුදාව විසින් පත් කරන ලද විදේශ ඇමති වුනා මුවාං එල්වින්ට නිල වශයෙන් පිළිගැනීමක් ලබා දෙමින් මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් යවන ලද ලිපියක් මෙම විරෝධතාවයන්ට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

2021 අප්‍රියෙල් 1 වන දින කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇති BIMSTEC අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහ විශේෂ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමකට සහභාගී වන ලෙස අමාත්‍ය ගුණවර්ධන මහතා විසින් එල්වින් වෙත ලිපියක් යවා ඇති බව වාර්තා වේ.

මෑතදී සිදු වූ හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් මියන්මාරය මේ වන විට ලොව වටා විවිධ රටවල විරෝධතා රැසකට මුහුණ දී සිටින අතර විවිධ රටවල් මියන්මාරයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමටද සූදානම් බව දැනුම් දී ඇත.

මයිනමාර වැසියන් විසින් හි සමාජ මාධ්‍ය තුල මෙරට විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධනගේ ලිපිය සම්බන්ධයෙන් ඔහුටත් ශ්‍රී ලංකාවටත් ඔවුන්ගේ අප්‍රසාදය පළ කර තිබේ.

May be an image of text

ඔවුන්ගෙන් ඇතමෙක් පවස්න්නේ ශ්‍රී ලංකාව විසින් සහය පලකරන්නේ මිලිටරි ත්‍රස්තවාදයට බවයි.

එවැනි සටහන් කිහිපයක් පහතින්..

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...