27.5 C
Colombo
Sunday, April 28, 2024

බුර්කාව තහනම්. ඒත් නිකාබය?

- Advertisement -

මුස්ලිම් කාන්තාව පලඳින බුර්කා ඇඳුම තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා (15දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම කැබිනට් පත්‍රිකාවට තමන් සිකුරාදා (12දා) දිනයේ අත්සන් තැබූ බවත් මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

බුර්කා ඇඳුම තමන් කුඩා කල මුස්ලිම් යහළු යෙහෙළියන් හෝ වැඩිහිටියන් නොපැලඳි ඇදුමක් බවත් එය ආගමික අන්තවාදී වස්ත්‍රයක් බැවින් එය සමාජයට අනවශ්‍ය දෙයක් බවද සරත් වීරසේකර මහතා සදහන් කරනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මෙරටදී පළදින බුර්කාව තහනම් කිරීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බලන ජනපති කොමිසමේද නිර්දේශ කර තිබුණා.

කෙසේ වෙතත් බුර්කාව තහනම් වුවත් ඊට සමාන දෑස පමණක් නිරාවරණය වූ සම්පූර්ණයෙන්ම සිරුර ආවරණය වන නිකාබය තවදුරටත් මුස්ලිම් කාන්තාවන් හට ඇඳීමට අවසර හිමිවන්නේදැයි තවමත් පැහැදිලි කර නැහැ.

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...