31 C
Colombo
Tuesday, May 14, 2024

රනිල්ගේ රැස්වීමට මිනිස්සු ගෙන්න ගන්න ජපානේ රස්සා දෙනවා කියලා

- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයේ රැස්වීම ජූලි මස 30 වනදා සවස 3.30 ට මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් පිටියේදී පැවැත්වෙන බවට එම පක්ෂය නිවේදනය කරනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක නායිකාවන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

එම රැස්වීම ජනාධිපති උපදේශක මෙන්ම මිනුවන්ගොඩ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් සංවිධානය කරනු ලබනවා.

කෙසේ වෙතත් අදාළ රැස්වීමට සෙනඟ අද්දවාගැනීම සඳහා ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා අපූරු උපක්‍රමයක් භාවිතා කර තිබෙනවා.

ඒ අනුව ‘උපන් ගමට වටින වැඩක්’ ලෙස සඳහන් කරමින් ජපානයේ රැකියා අවස්ථාවන් ලබාගැනීමට අවශ්‍ය වන පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වීමට ජූලි 30 වනදාට මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් පිටියට පැමිණෙන ලෙසට වන දැන්වීමක් පලකිරීමෙන්.

ජපන් රැකියා සිහිනය සැබෑ කරගැනීමට ඉවහල් වන රුපියල් ලක්ෂ දෙකක් වටිනා මෙම පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන්නක් බවත් ඒ සඳහා ලියාපදිංචිවීම සඳහා පෞද්ගලික තොරතුරු සමඟ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්ද සමගින් එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයේ රැස්වීම පැවැත්වෙන වේලාව වන ජූලි 30 සවස 3.30 ට මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් පිටියට පැමිණෙන ලෙසට අදාළ දැන්වීමේ දැක්වෙනවා.

පසුගිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලැබූ අතර එම පක්ෂයේ නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලුම පක්ෂ සාමාජිකයන්ව ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ගෙදර යවනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

රණවිරුවන්ට ඉඩම් දෙන්න ජනාධිපති කමිටුවක්

රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් අද (14) පත්කරනු ලැබුවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එම කමිටුවේ සභාපතිත්වය...

NVQ 4 වෘත්තීය පුහුණුවේදී වෘත්තීය විෂය ධාරාවේ සිසුන්ට ප්‍රමුඛතාව

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත්/අසමත් බව නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීම සඳහා සිසුන්ට අවස්ථාව සලසා දී ඇති අතර, මේ වන විට සෑම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...