28 C
Colombo
Sunday, May 5, 2024

අධි සංවේදී රිවස්ටන් පිටවල පතන පරිසර කලාපයත් වනසයි

- Advertisement -

ලෝක උරුම පිටවල පතනේ පරිසර හිතකාමී නොවන ලෙස ඉදිවන දෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වලට විරුද්ධව විරෝධතාවක් පිටවල පතනේ දී ගම්වැසියන් සහ තවත් පිරිසක් එකතුවෙන් සිදු විය.

වන සංරක්ෂණ නිලධාරීන් මෙම ඉදි කිරීම නිසා එක් ගසක් පමණක් කපා ඉවත් කළ බව පවසා සිටියත් එම අවස්ථාවේදීම කපා ඉවත් කළ ගස් කීපයක මුල් නිලධාරීන් වෙත පෙන්වීමට ගම්මුන් කටයුතු කරන ලදී.

මීට අමතරව පිටවල පතන මාර්ගයේ කෙටි පැති බැම්මක් ඉදිකිරීම සඳහා පිටවල පතනේ ඇති ගල් යොදා ඇති ආකාරය පිළිබඳවත් ගම්මුන් චෝදනා කරන ලදී.

පතනේ එක් පසක කොන්ක්‍රීට් මිශ්‍රණය කිරීමකින් පසුව එම මිශ්‍රණය සෝදා ගොස් පතන භූමියට සිදුව ඇති හානියද සුළු පටු නොවේ.

මෙම විරෝධතාවය නිරීක්ෂණය කිරීමට පොලිසිය, බුද්ධි අංශය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් පැමිණ සිටි අතර උද්ඝෝෂණය අවසන් වීමෙන් පසුව වන විනාශයට එරෙහිව කරුණු ඉදිරිපත් කළ නිලධාරීන්ට තර්ජනාත්මක ස්වරූපයෙන් ආමන්ත්‍රණය කිරීමට එහි පැමිණ සිටි ඉහල නිලධාරීන් පිරිසක් කටයුතු කිරීම ඉතා කනගාටුදායක තත්ත්වයකි.

– උචිත් මධුක –

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...