27.9 C
Colombo
Monday, April 29, 2024

පරිසරයට අහිතකර එකම පුද්ගලයා මම වගෙයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම තේරෙන්නේ

- Advertisement -

විලාසිතාවක් ලෙසට පරිසරය ගැන අදහස් පළ නොකර සෑම කෙනෙක්ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරන්නේනම් පරිසරය ආරක්ෂා කර ගැනීමට ඉතා පහසු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහනට අද (22) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරන ලදි.

පරිසර දුෂණය අද සියලුදෙනාගේ සාකච්ඡාවට බඳුන්වී ඇති බවත් ඒ සඳහා නොයෙකුත් මතවාදයන් ඉදිරිපත් කර ඇති බවත් ජනපතිවරයා පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“මම තමයි පරිසරයට අහිතකර එකම පුද්ගලයා වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම තේරෙන්නේ. මම තමයි ගස් කපන්නේ, මගේ කර්මාන්ත තමයි අපද්‍රව්‍ය ඔක්කෝම ගංගාවලට එකතු කරන්නේ. මම තමයි පහත්බිම් ගොඩකරන්නේ, මේ සියලුම දේ කරන්නේ මම වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම පේන්නේ. පරිසරය ගැන කථා කරන අයගෙන් ඉල්ලා සිටිනවා හුදෙක් විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කථා නොකර, හැමකෙනෙක් ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා නම් අපිට මේ පරිසරය ආරක්ෂා කර ගැනීමට හරිම පහසුයි.“

මෙරට ගංගා සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ක්‍රියාවට නංවන ගං ඉවුරු ආරක්ෂා කිරීමේ ‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. කතරගම මැණික් ගං ඉවුර අසලට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් ‘සුරකිමු ගංගා’ ස්මාරකය විවෘත කළේය. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරාධිතයින් උත්සව සභාවට පැමිණියේ ඉන් අනතුරවය.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...