33 C
Colombo
Monday, April 29, 2024

පුද්ගලික බලාගාරයක් ඉදි කිරිමට ගිය වසන්ත කරන්නාගොඩ ඇතුළු පිරිසකට විරෝධය

- Advertisement -

ඩන්සිනන් කදු මුදුණේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා පුඩළුඔය හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදිකිරිම සදහා පිඹුරුපත් සකස් කිරිමට පැමිණි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට ප්‍රදේශයේ විහාරාධිපති සහ ප්‍රදේශවාසින් දැඩි ලෙස විරෝධය පලකර තිබෙනවා.

සංඝරත්නය සහ පුඩළුඔය වැවහේනේගම ප්‍රදේශවාසින් මාධ්‍යය හමුවේ කියා සිටියේ තලවකැලේ – පුඩළුඔය – වැවහේන ප්‍රදේශය හරහා කොත්මලේ ඔයට ජලය ගලා බසින පුඩළුඔයේ එගොඩවෙල ඇල්ල , වැවහේනේ ඇල්ල ඇතුළු දිය ඇලි තුනක් හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි කිරිමට 2017–2018 වසරේ සැලසුම් සකස් කර ඇති බවත්, ප්‍රදේශවාසින්ගෙන් මතු වු දැඩි විරෝධය මැද්දේ එම පෞද්ගලික ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ නොකල බවයි.

ප්‍රදේශවාසින් පවසන්නේ පුඩළුඔය ප්‍රදේශයේ ඇද හැලෙන දිය ඇලි නැරඹිමට කොවිඩ් 19 වසංගතය පැතිර යාමට ප්‍රථම දේශිය සහ විදේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්, පුඩළුඔයේ ජලය කොත්මලේඔයට ගලා යනතෙක් ගඟ දෙපස පදිංචි ප්‍රදේශවාසින් ගොවිතැනට මෙන්ම දෛනික අවශ්‍යතාවලටද ගඟේ ජලය උපයෝගි කර ගන්නා බවයි.

එම ප්‍රදේශයේ පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි වුවහොත් විශාල පරිසර හානියක් සිදු වන බවත්,ඒ තුලින් ගොවිතැනට මෙන්ම ප්‍රදේශයේ ජනතාවට පානිය ජල ගැටළුවක්ද මතු වි කොත්මලේඔයට ජලය ගලා බසිනා පුඩළුශයේ සුන්දරත්වයද නැති වි යන බවද ප්‍රදේශවාසින් පවසනවා.

පුඩළුඔය වැවහේනගම ප්‍රදේශවාසින්ගේ විරෝධය මැද්දේ මිට ප්‍රථම නතර කර තිබු පුඩළුඔය පෞද්ගලික ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ වැඩ කටයුතු යලිත් ආරම්භ කිරිම සදහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු රාජ්‍යය නිලධාරින් පිරිසක් යලිත් උත්සහ දරමින් සිටින බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් ඇතිවූ විරෝධතාවය හේතුවෙන් වසන්ත කරන්නාගොඩ මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

– රංජිත් රාජපක්ෂ –

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...