26 C
Colombo
Monday, April 29, 2024

රාජගිරියේ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් මරුට (වීඩියෝ)

- Advertisement -

අද (23) උදෑසන රාජගිරිය, ආයුර්වේද වටරවුම සහ ගුවන් පාළම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් අයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් රාජගිරිය, ආයුර්වේද වටරවුම ආසන්නයේ තිබූ මාර්ග බාධකයක රාජකාරී කරමින් සිටි නිලධාරීන් පිරිසක් මෙලෙස අනතුරට ලක්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම කණ්ඩායම භාරව සිටි 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුරින් ජීවිතක්ෂයට පත් අනෙක් පුද්ගලයා වන්නේ කුඩා ලොරි රථයක සහයකවරයෙකි.

මෙම ලොරි රථය අදාල මාර්ග බාධකයේ නවත්වා පරික්ෂා කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී අධික වේගයෙන් පැමිණි වෑන්රථය එම ස්ථානයේ සිටි පිරිසේ ගැටී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ. තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන වෑන් රථයේ රියදුරුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...