29 C
Colombo
Friday, May 3, 2024

අන්තවාදී මත පැතිරූ බවට තවත් පුද්ගලයින් දෙදෙනෙක් TID අත්අඩංගුවට

- Advertisement -

ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මත පැතිරවීම සහ අන්තර්ජාලය හරහා අන්තවාදී ක්‍රියාකාරකම් සඳහා මුදල් එකතු කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය කටයුතු කර තිබෙනවා.

මාතලේ සහ මඩකලපුව යන ප්‍රදේශවලදි එම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.

46 හැවිරිදි වියේ පසුවන මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයෙන් පිටුවහල් කළ අයෙක්.

අන්තවාදී ත්‍රස්ත කල්ලි නායක මොහොමඩ් සහරාන්ගේ සමීපතමයෙකු බවට පැවසෙන මොහු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිටියදී අන්තර්ජාලය හරහා අන්තවාදී දේශන පවත්වා ඇති අතර රට තුළ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දී මුදල් එකතු කිරීමක් ද සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි පොලීසිය සදහන් කරන්නේ.

ඊට අමතරව මඩකලපුව කාත්තන්කුඩි කාත්තාන්කුඩි ප්‍රදේශයේදී 49 හැවිරිදි තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය කටයුතු කර තිබෙනවා.

මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා සිය මුහුණු පොත හරහා පාස්කු ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට සහ එවැනි ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කර ඇති බවයි.

අදාළ සැකකරවන් දෙදෙනා මේ වන විට කොළඹ ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය වෙත රැගෙනවිත් ඇති අතර ඔවුන් දෙදෙනා රඳවා තබාගැනීමේ නියෝග මත තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මීට පෙරද අන්තවාදී මත පැතිරූ බවට වන චෝදනාව මත පුද්ගලයෙක් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...