29 C
Colombo
Thursday, May 16, 2024

ශ්‍රී ලංකාව අද පළමු පුහුණු තරඟයට

- Advertisement -

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග අද (29) සිට ආරම්භ වීමට නියමිතයි.

බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව අද සිය පළමු පුහුණු තරඟය එක්වනවා.

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වනදා ආරම්භවීමට නියමිත අතර තරගාවලියේ පුහුණු තරඟ අද සිට ආරම්භ වන අතර ඒ අනුව අද දිනයේදී පුහුණු තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ගුවාටි හිදී පැවැත්වෙන මෙම පුහුණු තරඟය මෙරට වේලාවෙන් ‍පස්වරු 2ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තවත් පුහුණු තරගයක් ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තිවානන්තපුරම් හිදී අද පැවැත්වෙන අතර තවත් පුහුණු තරඟයක් පාකිස්තානය සහ නවසීලන්තය අතර හයිද්‍රාබාද් හිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා පිල සහභාගී වන දෙවන පුහුණු තරඟය ඔක්තෝබර් මස 3 වනදා ඇෆ්ගනිස්ථානයට එරෙහිව ගුවාටි හිදී පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ධාවනය වෙමින් තිබු ලංගම බසයේ රියදුරු අසුනේදි මිය ගිහින්

නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරා, එම බස් රථයේ රියදුරු අසුන මත ජිවිතක්ෂයට පත්විමේ පුවතක් වාර්තා...

අදානි එක්ක ගහපු සුළං බලාගාර ගිවිසුමෙන් බිලියන11ක පාඩුවක්

ඉන්දිය සමාගමකින් සුළං බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අත්සන් කර තිබෙන මිල ගණන් පිළිබඳ ගිවිසුම් වෙනස් නොකළ හොත් වසරකට රුපියල් බිලියන11කට අධික මුදලක් රටට...

තාත්තා සිහි කරන්න කෞතුකාගාරයක් අපි ඉල්ලුවේ නැහැ – අමන් අෂ්රෆ්

තම පියා ඉටු කළ සේවය අගය කරමින් ‘අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්’ ඉදිකිරීමට තමා හෝ තමාගේ මව කිසිදු ඉල්ලීමක් නොකළ බව පවසමින් එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ පුතු...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...