26 C
Colombo
Tuesday, April 30, 2024

ඡායාරූප අවභාවිතා කලාට නිරූපා සේරසිංහට දේවානි ජයතිලකගෙන් විරෝධය

- Advertisement -

තමන් හට නීති සහය ලබාදෙන බව පවසමින් පැමිණ තමන් සමඟ සිට ලබාගත් ඡායාරූපයක් අවභාවිතා කළ නිරූපා සේරසිංහ මහත්මිය හට ගම්පහ දිසා වන අඩවි නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය සිය විරෝධය පලකර තිබෙනවා.

ඇය පවසන්නේ මෙම සිදුවීමෙන් පසුව මින් ඉදිරියට කිසිදු අයෙකු සමග ඡායාරූප ගැනීමෙන් වළකින බවයි.

දේවානි ජයතිලක මහත්මිය හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකා නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය ලබාගත් ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් දේවානි ජයතිලක යනු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කාන්තාවක් බවත් ඇය පක්ෂයේ උසිගැන්වීම්වලට පරිසර විනාශයන් සිදුවන බවට පවසමින් කටයුතු කරන බවටත් විවිධ ප්‍රචාරයන් හුවමාරු වනවා.

කෙසේ වෙතත් මේ පිළිබදව අදහස් දක්වමින් දේවානි ජයතිලක මහත්මිය සඳහන් කරන්නේ තමන් දේශපාලන පක්ෂයකට ලැඳිබව ඇඟවීමට යම් කිසි පක්ෂයක් හෝ පුද්ගලයෙක් උත්සහ කරන්නේ නම් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

එමෙන්ම නිරූපා සේරසිංහ මහත්මිය තමන්ගේ ඡායාරූපය පලකර සිදුවීම සම්බන්දයෙන් තමන් දැඩි අප්‍රසාදය හා කණගාටුව ප්‍රකාශ කරන බවද ඇය සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...