27 C
Colombo
Friday, May 3, 2024

ඇමති බන්දුලගේ 1000 සහන මල්ල වෙනත් කඩවල ඊටත් අඩුවෙන්

- Advertisement -

උදාවෙන සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට රුපියල් 1000 ක සහන මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙලක් පසුගියදා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ වුණා.

අදාල වැඩසටහන සම්බන්දයෙන් අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ වෙළෙඳපොලේ පවතින මිලට වඩා අඩුවෙන් ඇති රුපියල් 1000 ක් වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ 12 කින් යුත් මෙම සහන මල්ල ලබාගැනීම තුළින් ජනතාවට අත්වන වාසිය රුපියල් 410 ක් බවයි.

ඒ අනුව අදාල භාණ්ඩ මල්ලට,

  1. සුදු සීනි – 1kg – රු: 99.00 (පෙර පැවති මිල රු: 120)
  2. සුදු කැකුළු – 1kg – රු: 93.00 (පෙර පැවති මිල රු: 105)
  3. රතු කැකුළු – 1kg – රු: 89.00 (පෙර පැවති මිල රු: 105)
  4. සුදු නාඩු – 1kg – රු: 96.00 (පෙර පැවති මිල රු: 110)
  5. රතු පරිප්පු – 1kg – 165.00 (පෙර පැවති මිල රු: 187)
  6. පාන් පිටි – 1kg – 84.00 (පෙර පැවති මිල රු: 105)
  7. ලුණු කැට – 1kg – රු: 43 (පෙර පැවති මිල රු: 82)
  8. හාල් මැස්සන් – 200g – රු: 115.00 (පෙර පැවති මිල රු: 286)
  9. LSL කෑලි මිරිස් – 100g රු: 83 (පෙර පැවති මිල රු: 120)
  10. සෝයා මීට් – 50g – රු: 35 (පෙර පැවති මිල රු: 35)
  11. STC තේ කොළ – 100g – රු: 95.00 (පෙර පැවති මිල රු: 135)
  12. මුහුණු ආවරණ – 1 – රු: 14.00 (පෙර පැවති මිල රු: 20)

ඇතුළත්ව තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට දිවයින පුරා වෙළෙඳසැල් කිහිපයකම අදාල සහන මල්ල රුපියල් 1000 ටත් අඩුවෙන් ලබාගත හැකිව තිබෙන බවට තොරතුරු වාර්තාවනවා.

ඒ අනුව අම්පාගල – වෑකඩ මිනිසිටි ආයතනය අදාල භාණ්ඩ 12 සහිත සහන මල්ල රුපියල් 950 කට අලෙවි කරමින් තිබෙනවා.

එමෙන්ම තවත් භාණ්ඩ අලෙවි සැල් කිහිපයකට අදාල සහන මල්ල රුපියල් 1000 ට අඩුවෙන් විකුණන බවට වන දැන්වීම් පලකර තිබීමද විශේෂත්වයක්

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...