28 C
Colombo
Wednesday, May 8, 2024

මිසිස් ශ්‍රී ලංකා තරඟය ගැටුමකින් අවසන් වෙයි. කැරොලයින් ජූරි ජයග්‍රාහිකාවගේ කිරුළ ගලවයි (වීඩියෝ)

- Advertisement -

Mrs. Srilanka 2020 තරඟාවලියේ අව‍සන් තරඟය ඊයේ රාත්‍රියේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.

මෙහිදී අවසන් තරඟකරුවන් දෙදෙනා අතරින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

පසුව ඇයට හිමි කිරුළ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් පැළදූ අතර ඇයට හිමි සම්මානය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ප්‍රදානය කරනු ලැබූවා.

කෙසේ වෙතත් එක්වරම වේදිකාවට පැමිණි ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි මහත්මිය පවසා සිටියේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය විවාහක වුවද ඇය මේ වන විට දික්කසාද කාන්තාවක් බැවින් තරඟ නීති රීති අනුව ඇයට මෙම කිරුළ අහිමි වන බවයි.

ඒ අනුව තරඟයේ දෙවන ජයග්‍රාහිකාව බවට පත්වූ ෂිවෝනා ඇලෙක්සැන්ඩර් හට කිරුළ හිමිවන බව පවසමින් පුෂ්පිකා ද සිල්වා හට පළදා තිබූ කිරුළ ඇය විසින් ගලවාගෙන ගොස් ෂිවෝනා හට පළදවනු ලැබූවා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...