26 C
Colombo
Monday, April 29, 2024

මීගමු නගරාධිපති දයාන් ලන්සාට පිරිසක් පහරදීලා

- Advertisement -

මීගමුව නගරාධිපති හා රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාගේ සොයුරු දයාන් ලන්සා මහතාට මීගමුව – වැල්ලවීදියේදී පිරිසක් පහරදී ඇති බවට මීපුර වෙබ් අඩවිය වාර්තා කරනවා.

නගරාධිපතිවරයා වැල්ලවීදිය – කුඩාපාඩුව ප්‍රදේශයේ හෝටලයක සාදයකට සහභාගීවී සිටියදී මුහුදු වෙරළේ ක්‍රීඩා කරමින් සිටි තරුණියින් පිරිසකට අයත් බෝලයක් ඔහුගේ මෝටර් රථයේ වැදීමත් සමඟ යම් බහින් බස්වීමක් ඇතිව තිබෙනවා.

පසුව නගරාධිපතිවරයා එහි සිටි අයෙකුට පහරදීමත් සමඟ පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ පුත්‍රයා විසින් නගරාධිපතිවරයාට පහරදී ඇති බවටයි එම වෙබ් අඩවිය තොරතුරු වාර්තා කර ඇත්තේ.

අදාල පහරදීමෙන් නගරාධිපතිවරයාගේ මුහුණට තුවාල සිදුව ඇති බවත් එම අවස්ථාවේදී ඔහු බීමතින් සිට ඇති බවත් පැවසෙනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ බලපෑම මත වෙන්නප්පු ප්‍රදේශයේ සිට මාරුකර එවූ එරික් පෙරේරා මහතා මේ වන විට සේවයේ නිරතව සිටින්නේ මීගමුව ප්‍රදේශයේවීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...