31 C
Colombo
Saturday, May 4, 2024

පන්නිපිටියේදී ලොරි රථ රියදුරාට උඩ පැන පහර දුන් කොස්තාපල්ට ඇප

- Advertisement -

පන්නිපිටිය මංසන්ධියේදී ලොරි රථ රියදුරෙකුට අමානුෂික අන්දමින් පහරදුන් සිදුවීම සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ එන්. රිෆයිඩීන් නැමැති කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (05) නියෝග කළා.

බන්ධනාගාර ගත කර සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර පැමිණිල්ල මෙහෙයවූ මහරගම පොලිස් රථවාහන අංශයේ සැරයන් වික්‍රමතුංග මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වමින් කියා සිටියේ මෙම සිද්ධි සම්බන්දයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙමින් පවතින බවයි.

එම නිසා විමර්ශනවලින් අනතුරුව සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු අධිකරණය ඉදිරියේ පවසා සිටියා.

තවද සැකකරු සම්බන්දයෙන් මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පෙර නඩු වාරයේදී අධිකරණය බන්ධනාගාරයට නියම කළද එම වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවද පැවසූ සැරයන් වික්‍රමතුංග මහතා ඉදිරි නඩු වාරයේදී එම වාර්තාව ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...