29 C
Colombo
Sunday, May 5, 2024

සමරිසි හා විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව බලහත්කාරයෙන් විවාහ කරවීමට එරෙහිව පුළුල් සමාජ මෙහෙයුමක්

- Advertisement -

ශ්‍රී ලංකාව තුළ ජීවත්වන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී  ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව (LGBTIQ+) මුහුණ දෙන විශාල ගැටලුවක් වන බලහත්කාරයෙන් විවාහ කරවීම පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක්, Equite Sri Lanka සංවිධානය, Men Engage Alliance සංවිධානය සමග එක්ව ආරම්භ කළේය.

මෙරට ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතා සහිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමේදී, ඔවුන් බලහත්කාරයෙන් විවාහ කරදීමේ ගැටලුව විසඳීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසිය යුතු බව මෙම වැඩසටහන හරහා Equite Sri Lanka සංවිධානය අවධාරණය කරයි.

“අඩු වයසින් සහ බලහත්කාරයෙන් විවාපත් කරදීමේ ගැටලුව, මුස්ලිම් විවාහ නීතිය තුළත්, ඒ වගේම සමරිසි මෙන්ම විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව අතරත් බහුලව දක්නට ලැබෙනවා. අපි එම කාරණා දෙකටම විරුද්ධව, ඒ පිළිබඳව පොදු මහජනතාව සහ, පාලකයින් දැනුවත් කිරීමට අධිවාචන පියවර රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. අපේ අරමුණ, වාර්ගික, ආගමික පදනමකින් වගේම ලිංගිකත්වය, ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂ සමජභාවී ප්‍රකාශනය යන පදනමින් ද කිසිවෙකුට වෙනස්ව නොසළකන, සාධාරණ සමාජයක් බිහිකිරීමයි“, යනුවෙන් Equite Sri Lanka සංවිධානයේ සම-නිර්මාතෘ ආදිල් සුරාජ් මහතා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ පවතින සංස්කෘතික සහ චාරිත්‍රවාරිත්‍ර පිළිවෙත් හේතුවෙන් ද, LGBTIQ+ ප්‍රජාව දැඩි පීඩාවකට ලක්ව සිටින බවයි.  ශ්‍රී ලංකාවේ පවතින සමාජ වාතාවරණය තුළ විවාහයට දී ඇති ස්ථානයත්, ඒ හා සම්බන්ධ වී ඇති විවිධ ක්‍රියාකාරකම් නිසා කිසියම් පුද්ගලයෙකු සමරිසි වුව ද, සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයෙකු වුව ද, සමාජ සම්මතය ආරක්ෂා කිරීම වෙනුවෙන් බලහත්කාර විවාහයකට යොමු කරවීමට දෙමව්පියන් උත්සාහ දරන්නේ එයින් ඇති විය හැකි පුද්ගල හා සමාජ ප්‍රතිවිපාක ගැන ඇති නොදැනුවත්භාවය නිසාය. විශේෂයෙන්ම සමරිසි පුද්ගලයින්ව ඔවුන් කායික, මානසික හා ආධ්‍යාත්මිකව අකමැති පුද්ගලයෙකුට විවාහ කරදීම නිසා, ඔවුන්ගේ පවුල් ජීවිත අසාර්ථක වන බව ද, දික්කසාද වීමේ සිද්ධීන් වැඩි වන බව ද විවිධ සිද්ධි අධ්‍යයන හරහා තහවුරු වී තිබේ. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 A, 399  යන වගන්ති හරහා සමරිසිභාවය හා සංක්‍රාන්ති ලිංගිකත්වය යනු සාපරාධී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා තිබීම ද මෙහිදී සැළකිල්ලට ගත යුතු කරුණකි.

“ශ්‍රී ලංකාව තුළ ‘එක රටක්, එක නීතියක්‘ ස්ථාපිත කළ යුතු බව, අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයාත් නිතරම ප්‍රකාශ කරනවා. එතැනදී මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරලා, බාලවයස්කාර දරුවන් විවාහ කරදීම වැළැක්වීමට පියවර ගන්නා අතරේදී, LGBTIQ+ ප්‍රජාව ද බලහත්කාරයෙන් විවාහ කරදීම වැළැක්වීමටත් නීතිමය පියවර ගත යුතුයි“, ඔහු විස්තර කළේය.

මෙම ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ හා, සමාජ ක්‍රියාකාරීන්ගේ අවධානය යොමුකිරීමටත්, සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් පොදු මහජනතාව දැනුවත් කිරීමටත් Equite Sri Lanka සංවිධානය සහ Men engage alliance සංවිධානය එක්ව සැලසුම් කර තිබේ. තව ද මෙම වැඩසටහනේම තවත් අදියරක් ලෙස දික්කසාද නඩු මෙහෙයවන නීතිඥයින්, උපදේශන සේවාවන්, රජයේ වගකිවයුතු පාර්ශවකරුවන්, පාර්ලිමේන්තු කමිටු සාමාජිකයන්, තරුණ කණ්ඩායම් සඳහා, පවුල තුල, යහළුවන්, නෑදෑයන් බලෙන් විවාහ කිරීමෙන් ඇතිවන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ගැටලු, මානසික ගැටලු පිළිබඳව දැනුවත් කිරීමට හා සංවේදිකරණය කිරීමට ද අපේක්ෂිත ය.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...