33 C
Colombo
Saturday, May 4, 2024

සමාජ මාධ්‍ය හරහා ජනාධිපතිවරයාව විවේචනය කලැයි ස්ථානමාරුවක්

- Advertisement -

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දිස්ත්‍රික් කාර්යාලයක් සඳහා අනුයුක්ත කර ඇති සේවකයන් දෙදෙනෙකු සමාජ මාධ්‍ය හරහා ජනාධිපතිවරයාව විවේචනය කළැයි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

අදාල සේවා ස්ථාන මාරු කිරීමේ ලිපිය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා විසින් පසුගිය 8 වනදා අදාළ නිලධාරීන් දෙදෙනා වෙත යොමුකිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් පරීක්ෂණය නිමවන තෙක් නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත මාරුකර යැවීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර පසුගියදා මහනුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ ජනාධිපතිවරයා හිට්ලර් කෙනෙකු මෙන් කටයුතු කළ යුතු බවයි.

සංඝරත්නය පවා බලාපොරොත්තුවූයේ ඒකාධිපති පාලනයක් සහිත හිට්ලර් කෙනෙකු මෙන් පාලනයක් බවත් ජනාධිපතිවරයා එසේ නොවීමෙන් ජනතාවගෙන් දෝෂාරෝපණ එල්ලවීමට හේතුවක් වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් එහිදී සදහන් කළා.

එමෙන්ම ඊයේ (16) දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහක් කළේ පොර්ට් සිටි ව්‍යාපෘතිය විවේචනය කිරිම සම්බන්දයෙන් කෝපවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් හට දුරකතනයෙන් අශෝභන ආකාරයෙන් බැණ වැදුණු බවයි.


RECENT ARTICLES - SINHALA

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

වාද්දුවේ වෙඩි තැබීමක්

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...