29 C
Colombo
Sunday, May 5, 2024

ලොව පුරා කොරෝනා මරණ මිලියන 3 ඉක්මවා යයි

- Advertisement -

ලොව පුරා මෙතෙක් සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ගිය බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිවේදනය කරනවා.

එම නිවේදනයට අනුව ලොවපුරා මෙතෙක් වාර්තා වූ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව මිලියන 140 කට ආසන්නයි.

කෙසේ වෙතත් ලොව පුරා රටවල් සියල්ල සත්‍ය දත්ත වාර්තා නොකරන බැවින් මෙම දත්ත මීට වඩා වැඩි විය හැකි බවද එම වාර්තාව ප්‍රකාශ කරනවා.

මේ වන විටත් ලොව පුරා වාර්තා වන කොරෝනා රෝගීන් හා මරණ සංඛාව භයානක වේගයකින් අඛණ්ඩව ඉහළ යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.

සතියකදී වාර්තා වන නව රෝගීන් සංඛ්‍යාව පසුගිය මාස දෙක තුළ දෙගුණ වී ඇති බවත් මේවන විට ලෝකය රෝගීන් වාර්තාවීමේ ඉහළම මට්ටමට ලඟා වී ඇති බවත් එම සංවිධානය වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

මේ අතර අර්බුදයේ බරපතලම තත්ත්වයට ඉන්දියාව මුහුණ දෙමින් සිටිනවා.

කොරෝනා දෙවන රැල්ලට මුහුණ දෙන ඉන්දියාවෙන් පසුගිය සෙනසුරාදා පමණක් නව රෝගීන් 230,000 වාර්තා වුණා.

සති කිහිපයකට පෙර, දිනකට රෝගීන් 20,000 පමණ දක්වා තත්ත්වය පාලනය කර තිබුණත් මේ වන විට එරට සෞඛ්‍ය අංශ රෝගීන් සඳහා ඇඳන් හා ඔක්සිජන් හිඟයකට මුහුණ දී සිටිනවා.

රට තුල ඖෂධ හිඟයක්ද මතුවී ඇති අතර මේ වනවිට සාමාන්‍ය මිලට වඩා පස් ගුණයක කලු කඩ මිලට බෙහෙත් විකිණෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපදය, ඉන්දියාව හා බ්‍රසීලය මේ වන විට දරුණුම තත්ත්වයට මුහුණ දෙන රටවල් වන අතර එම රටවල් තුනේ පමණක් මරණ එකතුව මිලියනයකට වඩා වැඩි බවයි වාර්තා වෙන්නේ.

කැනඩාවෙන්ද පසුගිය සතියේ එක්සත් ජනපදයට වඩා මිලියනයක රෝගීන් වාර්තා වුණා.

මේ අතර ලොව පුරා රටවල් 165 ක් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 860 ට වඩා ලබා දී ඇති බවට වාර්තා පලවනවා.

එහෙත් රටවල් අතර එන්නත සමානව බෙදී ගොස් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් ඉහළ එන්නත් අනුපාතයක් ලබා දී ඇති බ්‍රිතාන්‍යය, ඊශ්‍රායලය වැනි රටවල කොරෝනා රෝගීන් වාර්තා වීම සීඝ්‍රලෙස පහත වැටී තිබීමද විශේෂත්වයක්.

– තිලාන් ජයසේකර –

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...