28 C
Colombo
Sunday, May 5, 2024

SLIIT උසස් අධ්‍යාපන ආයතනය තෙවැනි වරටත් සිය වාර්ෂික පර්යේෂණ සමාලෝචන සම්මන්ත්‍රණය සංවිධානය කරයි

- Advertisement -

නිරන්තරයෙන්ම පර්යේෂණ සිදුකරමින් සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් තම දායකත්වය ලබාදීමට අවධානය යොමුකරනල මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT පසුගියදා ඩිජිටල් සම්මන්ත්‍රණයක් සංවිධානය කළේය.

2020 පර්යේෂණ සමාලෝචනය ලෙස නම් කර තිබූ මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරන ලද්දේ SLIIT හි පශ්චාත් අධ්‍යයන හා පර්යේෂණ පීඨය විසිනි.

එම සම්මන්ත්‍රණය සංවිධානය කිරීමේ අරමුණ වූයේ පර්යේෂණ කාර්යයන්හි නිරතව සිටින විද්වතුන් පර්යේෂණ කාර්යයන් සඳහා තවදුරටත් දිරිගැන්වීම හා පර්යේෂණ ප්‍රවර්ධනයයි.

එමඟින් SLIIT ආයතනයට එහි සිසුන්ට මෙන්ම පොදුවේ සමාජයට ද ප්‍රතිලාභ සැලසෙනු නිසැකය.

2018 වසරේ සිට පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් තම පර්යේෂණ සොයාගැනීම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව SLIIT හි සියලුම පීඨවලට අයත් පර්යේෂකයින්ට හිමිවේ.

එමෙන්ම මෙහිදී සියලුම පීඨ අතර මනා සබඳතාවක් යටතේ පර්යේෂණවල මූලිකාංග ක්‍රියාත්මක වන බවත් ඊට අනුකූලව පර්යේෂණවල අනාගතය සැලසුම් කළ හැකි බවත් තහවුරු කරගැනේ.

එහිදී පර්යේෂණ ක්‍රියාකාරකම් ප්‍රතිඵල මෙන්ම SLIIT හි දැක්ම අනුව යන සමාජ ප්‍රතිලාභ උදාකරගැනීමට ද අපේක්ෂිතය.

මෙවර මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණේ අඛණ්ඩව තුන්වැනි වතාවටය.

ප්‍රථම වතාවට පර්යේෂකයින් ඇගයීමට දිරි දීමනා ලබාදීමට මෙන්ම සහතිකපත් හා සම්මාන ඵලක ලබාදීමට ද මෙවර පියවර ගෙන තිබුණි.

ජාත්‍යන්තර මට්ටමේ ඉහළ පිළිගැනීමක් සහිත විද්‍යා සඟරාවන්හි පළ වූ පර්යේෂණ පත්‍රිකා සහ පර්යේෂණ උපුටාගැනීම් (citations) වෙනුවෙන් අදාළ පර්යේෂකයින්ට සම්මාන පිරිනැමුණි

‘කුසලතා’ සහ ‘විශේෂ’ යනුවෙන් කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන ප්‍රදානය සිදුවිය.

ලොව විශිෂ්ඨතම පලමු 10% යේ ස්ථරයේ ඇති ගෝලීය විද්‍යා සඟරාවන්ගේ තම පර්යේෂණ පළ කරගැනීමට සමත් වූ පර්යේෂකයින්ට ‘විශේෂ’ සම්මාන හිමිවිය.

එමෙන්ම ලොව විශිෂ්ඨ 25% ස්ථාවරයේ සඟරාවන්ගේ තම පර්යේෂණ පළ කරගත් සෙසු පර්යේෂකයින්ට ‘කුසලතා’ සම්මාන හිමිවිය.

මෙම සම්මන්ත්‍රණය අතරතුරදී සෑම පීඨයක්ම තම පීඨයට අදාළ හොඳම පර්යේෂණ තුන සහ ඒවායින් සොයාගත් නව දැනුම ප්‍රකාශයට පත්කිරීමට පියවර ගෙන තිබුණි.

ඊට අමතරව ප්‍රශ්නෝත්තර වැඩසටහනක්, පීඨාධිපතිවරුන්ගේ අදහස් දැක්වීමක් ද සම්මන්ත්‍රණයට ඇතුළත් විය.

“වසර ගණනාවක් මුළුල්ලේ SLIIT සතු දැනුම සහ පර්යේෂණ ක්‍රියාකාරකම් නැංවීමට පශ්චාත් අධ්‍යයන හා පර්යේෂණ පීඨය විශාල කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. ගෝලීය ප්‍රගමනයත් සමඟ දැනුම කේන්ද්‍රීය කටයුතුවලදී පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා ඇති වටිනාකම වඩාත් ඉහළයි. ඒ වගේම විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උසස් පර්යේෂණ පහසුකම් සලසාදීම ඉතාම වැදගත් කාර්යයක්. වාර්ෂික සම්මන්ත්‍රණය හරහා අපගේ ආචාර්ය මණ්ඩලයේ පර්යේෂණ හැකියාවන්ගේ ප්‍රතිඵල වගේම, SLIIT සිසුන්ගෙන් ඊට ලැබෙන දායකත්වයත්, අභ්‍යන්තරව සහ බාහිර වශයෙන් ලැබෙන මූල්‍ය සහායත් හොඳින් විද්‍යාමාන වෙනවා.
තමන්ගේ පර්යේෂණ සොයාගැනීම් හුවමාරු කරගන්නා අතරේ, සෙසු විද්වතුන්ගේ ප්‍රතිචාර ලබාගැනීමටත්, බහු විෂයීය පර්යේෂණ කණ්ඩායම් සංවිධානය කරගැනීමටත්, ඒ හරහා වැඩි සමාජ ප්‍රතිලාභයක් උදා කරනු වස් දෙස් විදෙස් පර්යේෂණ කණ්ඩායම් සමඟ සහයෝගයෙන් ක්‍රියාකිරීමටත් අවකාශ උදාවෙනවා. මෙවර අපට පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමට වගේම පර්යේෂකයින් දිරිගැන්වීමටත්, සමාජය කරා එම පර්යේෂණ ප්‍රතිලාභ ගමන් කරවීමටත් හැකිවුණා”

යනුවෙන් සම්මන්ත්‍රණය පිළිබඳ අදහස් දක්වමින් SLIITහි පශ්චාත් අධ්‍යයන හා පර්යේෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය රාහුල අතලගේ මහතා පැවසීය.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...