33 C
Colombo
Thursday, May 2, 2024

මම ඊයේ කිව්වේ එහෙම කතාවක් නෙවෙයි. කාදිනල්ගෙන් අද අමුතු කතාවක් (වීඩියෝ)

- Advertisement -

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීම සඳහා බොරැල්ල පොදු සුසාන භූමියේ ඉදි කෙරුණු ස්මාරකයට පූෂ්පෝපහාර දැක්වීමට ඊයේ
(18) එක්වුණු කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය ඉදිරියේ පැවසුවේ පාස්කු ප්‍රහාරය සිදුකළේ ආගමික අන්තවාදය නොවන බවත් එය අතකොළුවක් කරගනිමින් තමන්ගේ දේශපාලන බලය ශක්තිමක් කරගැනීමට වෙර දැරූ පිරිසක් බවයි.

“එදා මේ අපේ සොහොයුරන්ට පහර දුන්නෙ ආගමික අන්තවාදය නෙවෙයි. ඒ ආගමික අන්තවාදය පාවිච්චි කරමින් එය අතකොළුවක් කර ගනිමින් තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කර ගන්නට ,වෙර දැරූ පිරිසක්.මේ සිදුවීම තුළ අපි දකින්නේ තමන්ගේ බලය තහවුරු කරන්නට යම් යම් කණ්ඩායම් දරන උත්සහයේ ප්‍රථිපලයක් හැටියටයි.අපි අපේ රටේ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා ආගමවත් ,භාෂාවවත් , ජාතියවත් ,තවත් කෙනෙකුට හිරිහැර කරන්නට පාවිච්චි කරන්නට එපා.ඒ වගේම කරුණාකරලා තමන්ගේ බලය ශක්තිය පෙන්නන්නට අනිත් මිනිස්සුන් මරණ මානසිකත්වයෙන් අපි මිදෙමු ”

කෙසේ වෙතත් අද (19) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ සඳහන් කරන්නේ තමන් ඊයේ එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

තමන් ඊයේ සිදුකල ප්‍රකාශය වැරදි ආකාරයෙන් තේරුම් ගෙන ඇති බවත් රටේ මුස්ලිම් අන්තවාදයක් හා ව්‍යාප්තවාදයක් ක්‍රියාත්මක නොවන බව තමන් ප්‍රකාශ නොකල බවද කාදිනල් උතුමාණන් මෙහිදී සදහන් කළා.

තමන් දේශපාලන බලවේගයක් යැයි සඳහන් කළේ අන්තර්ජාතික දේශපාලන බලවේගයක් ගැන මිසක මෙරට දේශපාලන පක්ෂයක් ගැන සඳහන් නොකල බවද කාදිනල් උතුමාණන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

පරාටේ නීතිය ගැන විශේෂ තීරණයක්

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා...

UNPයට සහ පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට ආරාධනා...

කටුනායක වීසා නිකුත් කරන්න ඉන්දියන් සමාගමකට දීලා, සංචාරකයින් පෝළිමේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් හේතුවෙන්  ඊයේ (01) එම පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණා. මේ හේතුවෙන්, විදේශිකයන් ගුවන්තොටුපළේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...