28.7 C
Colombo
Wednesday, May 8, 2024

මහින්දගේ රැස්වීමට විරෝධය. ඇමතිවරු පිරිසක් පිටව යති

- Advertisement -

පළාත් සභා මැතිවරණය මෙන්ම මැයි දින සැමරුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (19) පෙරවරුවේ පැවැති රැස්වීමෙන් ඇමතිවරු පිරිසක් පිටව ගොස් තිබේ.

වාසුදේව නානයක්කාර, විමල් වීරවංස, උදය ගම්මන්පිල යන අමාත්‍යරුන් මෙම රැස්වීමෙන් පිටව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

පක්ෂ නායකයන්ට අමතරව වෙනත් කණ්ඩායම් නියෝජනය කරමින් පිරිසක් පැමිණ සිටීම නිසා ඔවුන් මෙලෙස පිටව ගොස් ඇතැයි වාර්තාවේ.

මේ අවස්ථාවේ අගමැති මහින්ද රාජපක්ෂ එහි සිට නැති අතර පසුව ඔහු පැමිණ අදාළ රැස්වීම පවත්වා තිබේ.

පක්ෂ නායකයන් සමග වෙනත් දිනයක යළි රැස්වීමක් පවත්වන බවද අගමැතිවරයා පවසා ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

එක්ස්ප්‍රස් පර්ල් නැවේ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙලා

කොළඹ වරාය මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින්...

විදුලි බිල අඩු කිරීමේ යෝජනා 10 වැනි දාට පෙර ලබා දෙන්න

විදුලි බිල අඩු කිරීමේ යෝජනා ලබන 10 වැනි දාට පෙර ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. කොමිසමේ ප්‍රකාශකයෙකු...

නිවසකට පැමිණ තර්ජනය කළ TID නිලධාරීන්ට වැඩ වරදී

පන්නිපිටිය - වීර මාවතේ පිහිටි නිවසකට පැමිණ එහි නිවැසියන්ට තර්ජනය කළ බව පැවසෙන පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඔවුන් පසුගිය...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...