30 C
Colombo
Saturday, May 4, 2024

බංගලාදේශය ඉස්ලාම් අන්තවාදී සංවිධානවලට එරෙහි මෙහෙයුම් දැඩි කෙරේ

- Advertisement -

බංගලාදේශය එරට ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී සංවිධානවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් දැඩි කර තිබේ.

ඒ අනුව අප්‍රේල් මස 11 වනදා සිට මේ දක්වා ඉස්ලාම් අන්තවාදී සංවිධානවල නායකයන්, සාමාජිකයන් ඇතුළු සියගණනක පිරිසක් බංගලාදේශ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

රට තුළ නොසන්සුන්කාරී සහ කඩාකප්පල්කාරී වාතාවරණයක් ඇති කිරීම, කුමන්ත්‍රණකාරී ක්‍රියාවල නිරතවීම මොවුන්ට එරෙහිව ඇති ප්‍රධානතම චෝදනාවයි.

පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බංගලාදේශයේ සංචාරය කළ අවස්ථාවේදී විරෝධතා දක්වමින් කඩාකප්පල්කාරී ලෙස හැසිරීමද මොවුන්ට එරෙහිව එල්ල වී ඇති තවත් චෝදනාවකි.

අත්අඩංගුවට ගත් අය අතරින් වැඩි පිරිසක් හෆ්සාත් මේයාම් නම් ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ නායකයන් බව බංගලාදේශ ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...