27.9 C
Colombo
Monday, April 29, 2024

නාමල් කුමාර යළිත් අත්අඩංගුවට

- Advertisement -

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අද (20) වරකාපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරදීමේ චෝදනාවට අදාළ කරුණු විමර්ශනය කිරීම සඳහා නාමල් කුමාර මහතා පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතින බවට තොරතුරු තමන් සතුව පවතින බවට නාමල් කුමාර මහතා හෙළි කිරීමත් සමඟ පසුගිය කාලයේ ඔහු පිළිබදව දැඩි කතාබහක් ඇතිවුණා.

ඔහු 2009 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැදී පුහුණුව ලබන අතරතුර පළාගිය පුද්ගලයෙක් බවට මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු හෙළි කළා.

පසුව ඔහු නැවත වරක් 2011 වසරේදීද ශ්‍රී ලංකා යුද හමුදාවට බැදී එහි පුහුණුව ලබන අතරතුරද පළාගොස් තිබෙනවා.

එහෙන්ම ඔහු යුද හමුදාව බැදෙන අවස්ථාවේදී සාමාන්‍ය පෙළ විෂයන් දහයම සමත්ව ඇති බවට ඉදිරිපත් කරන ලද අධ්‍යාපන සහතිකයද ව්‍යාජ එකක් බවට හෙළිවුණා.

ඒ අනුව කල සොයා බැලීමේදී වාර්තා වුණේ නාමල් කුමාර මහතා විෂයන් 3 ක් පමණක් සමත්ව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...