27 C
Colombo
Friday, May 3, 2024

රාජ්‍ය ඇමතිගේ දූෂණ ක්‍රියා නිසා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

- Advertisement -

නිවාස සංවර්ධන අධීකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ එම අධිකාරියේ රාජ්‍ය අමාත්‍යවරයා වන ඉන්දික අනුරුද්ධ මහතා විසින් දිගින් දිගටම සිදුකරන දූෂණ ක්‍රියා හේතුවෙන් බව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර තිබෙනවා.

නිවාස සංවර්ධන අධිකාරියේ වැඩකටයුතුවලට දිගින් දිගටම රාජ්‍ය අමාත්‍යවරයා බාධා කරන බවට රේණුක පෙරේරා මහතා මීට පෙර අවස්ථා ගණනාවකදීම විෂය භාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව දැනුවත් කල බවද ලිපියෙහි සදහන්.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයාගේ බලපෑම මත වැඩබලන සාමාන්‍යාධිකාරී ධූරය සදහා දූෂණ ක්‍රියාවන්ට සම්බන්ද, විගණන පරීක්ෂණයක් මගින් වරදකරුවෙකු වූ පුද්ගලයෙකු පත්කිරීමට දිගින් දිගටම බලපෑම් කල බව රේණුක පෙරේරා මහතා සදහන් කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා දූෂිත පුද්ගලයන්ව තනතුරුවල පිහිටුවීමට ගන්නා මෙම ක්‍රියාමාර්ගය පිළිබදව තමන් බලවත් ලෙස කණස්සල්ලට පත්වන බැවින් අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව රේණුක පෙරේරා මහතා සදහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...