30.5 C
Colombo
Sunday, April 28, 2024

නිරෝධායන නීති කැඩූ 19ක් අත්අඩංගුවට

- Advertisement -

නිරෝධායනය නීති කඩ කිරීමේ චෝදනා මත ඊයේ දිනයේදී (24) පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ඉන් වැඩි දෙනෙකු කිරිබත්ගොඩ සහ පිළියන්දල ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මුඛ ආවරණ නොපැළඳීම ඇතුලු නිරෝධායන නීති කඩ කරන්නන් අත්ඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 3470ක්.

මෙම මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

දිවයිනේ කුමන ප්‍රදේශයක සිටියද නිවසින් පිටවී යන විට මුහුණු ආවරණ භාවිත කළ යුතුබවත් පොදු ප්‍රවාහන සේවා භාවිතාකරන අතරතුර තම මුහුණු ආවරණය ඉවත් කිරීමෙන් වළකින ලෙසත් පොලීසිය සදහන් කරනවා.

එමෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව උත්සව පැවැත්වීමේ හැකියාවක් නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

ලංකාවේ මරණ වැඩිවෙලා

2020 වසරේ සිට මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ අඩුවක් මෙන්ම මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතිඥ...

මන්ත්‍රීලටත් ආර්ථිකය අමාරුයි.වාහනත් විකුණලා

ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සිටින බව පාර්ලිමේන්තුව...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...