29 C
Colombo
Sunday, May 5, 2024

රෙදිපිළි නිපදවන දැවැන්ත සමාගමක් ධම්මික පෙරේරා මිලදී ගනියි

- Advertisement -

අපනයනය වෙනුවෙන් රෙදි නිෂ්පාදනයේ නිරත ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගමක් වන South Asia Textiles හි බහුතර කොටස් අයිතිය අත්පත් කර ගැනීමට හේලීස් ෆැබ්රික් පීඒල්සී සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

හේලීස් ෆැබ්රික් පීඒල්සී යනු මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඒල්සී හි අනුබද්ධ ලැයිස්තුගත සමාගමකි.

හේලීස් පීඒල්සී හි පාලක කොටස් හිමිකාරීත්වය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතුව පවතිනවා.

හේලීස් ෆැබ්රික් පීඒල්සී සිය අපනයන මූලික කරගත් ඇඟලුම් කර්මාන්ත අංශය තවදුරටත් පුළුල් කිරීමේ උපක්‍රමික පියවරක් ලෙසින් මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම සිදුකළ බව ඒහි සභාපති ‌මොහාන් පණ්ඩිතගේ මහතා පවසනවා.

මීට පෙර South Asia Textiles හි බහුතර කොටස් අයිතිය Ambeon Holdings PLC සතුව පැවතුණා.

ඒහි සභාපති සංජීව් ගාඩ්නර් මහතා පවසන්නේ South Asia Textiles සමාගමේ බහුතර කොටස් හිමියා වූ Ambeon Holdings PLC, සිය හිමිකාරීත්වය පසුගිය 22 වනදා විකුණා දැමූ බවයි.

South Asia Textiles යනු පසුගිය වසර 15 ක් පුරාවට Calvin Klein, Nike, H&M, Pink වැනි ලොව නම් දැරූ සන්නාමයන්ගෙ ඇඟලුම් සඳහා රෙදි (knit fabrics) සපයන ලද සමාගමයි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...