33 C
Colombo
Saturday, May 4, 2024

අහඹු PCR නවත්වන්නැයි කියලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්

- Advertisement -

රට ලොක්ඩවුන් කර සමාජයේ සිටින සියලුම කොවිඩ් ආසාදිතයින් සොයා පරීක්ෂණ සිදුකළ යුතු පසුබිමක් තිබියදීත් එසේ කරනු වෙනුවට දැනට දිස්ත්‍රික්ක මට්ටමින් කරගෙන යන අහඹු PCR පරීක්ෂණ වහාම නවත්වන්නැයි බලධාරීන් දන්වා ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

ඔහු පවසන්නේ එය ඉතාම කණගාටුදායී තීරණයක් බවයි.

“අද දිනය වෙද්දී ලංකාව ඉතාම භයානක තැනකට තල්ලු වෙලා තියෙනවා. අවදානම් තත්ත්වය දවසින් දවස වැඩිවෙමින් එනවා. අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි දින කිහිපයේ මීටත් වැඩිවෙච්ච රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවෙයි කියලා. නමුත් කණගාටුදායි තත්ත්වය අද වෙද්දි ලංකාවෙ දිස්ත්‍රික්ක කිහිපයකට දැනුම් දීලා තියෙනවා අහඹු පීසීආර් පරීක්ෂණ වහාම අත්හිටුවන්න කියලා.
දැන් මේ පවතින තත්ත්වය හමුවේ පීසීආර් පරීක්ෂණ අත්හිටුවීම කියන එක තවත් මේ තත්වය තීව්‍ර කරන්න හේතුවෙන්න පුලුවන්. පීසීආර් පරීක්ෂණ සදහා අවශ්‍ය ද්‍රව්‍යවල හිගයක් හරි එහෙම ගැටලුවක් හරි තියනවා නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා රටේ ජනතාව දැනුවත් කරන එකයි කළ යුත්තේ. එහෙම නැතුව පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව අඩු කරලා රටේ රෝගීන් අඩුවෙනවා කියල ජනතාව තුළ යම් සහනදායි මතයක් ඇති කළොත් ඒක තවත් මේ රෝගය පැතිරීම සදහා ඉවහල් වෙන්න පුළුවන් කියන එක තමා අපට අවධාරණය කරන්න තියෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහුට...

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...