33 C
Colombo
Wednesday, May 1, 2024

ඉන්දියාවේ කෝවඩ් රැල්ල මැයි මැද වන විට අඩුවන බවට අනාවැකි

- Advertisement -

මෙි වනවිට දෛනික අසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ තුනහමාර ඉක්මවා ඇති ඉන්දියාවේ කෝවිඩ් වසංගත තත්වය,මැයි මස මැද වන විට උපරිමයකට ලගාවනු ඇතැයි වි⁣ශේෂඥයන් පිරිසක් අනාවැකි පළකර තිබේ.

අනතුරැව එය ක්‍රමයෙන් පහළ බැස ජූලි මාසය වන විට දෛනික අසාදිතයන් සංඛ්‍යාව පනස් දහසකට වඩා අඩු වනු ඇති බවට එම විශේෂඥයන් උපුටා දක්වමින් එන්ඩීටීවී පුවත් සේවය සදහන් කර ඇත.

මේ අතර ඉන්දියාව පසුගිය පළමුවනදා සිට වයස අවුරැදු 18 ටත් 45 ත් අතර පිරිසටද කොරෝනා එන්නත් ලබාදීම ආරම්භ කරනු ලැබිණ.

එන්නත් හිගය මත ඇතැම් ප්‍රදේශවල එන්නත්කරණය ක්‍රියාවලිය ප්‍රමාද වුවද බොහෝ ප්‍රදේශවල එය වේගවත් ලෙස ක්‍රියාත්මක වන බව සදහන් වේ.

එන්නත් ලබාගත් ඇතැම් පුද්ගලයන්ට කොරෝනා වැළදීමේ සිදුවීම් වාර්තා වී ඇතත් ඔවුන් බරපතල ලෙස රෝගාතුර වීම ඉතා කලාතුරකින් සිදුවන බව,සදහන් වේ.

එබැවින් එනනත්කරණය මෙම වසංගත තත්වය පාලනය කිරීම සදහා හොදම ක්‍රමවේදය බව ඉන්දීය වෛද්‍ය පර්යේෂණ ආයතනය අවාධාරණය කර ඇත.

RECENT ARTICLES - SINHALA

රජයේ විධායක නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. වැටුප්...

අර්ජුන – සජිත් තලවකැලේදී එකම වේදිකාවක

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී පලනි දිගම්බරම් මහතා විසින් අද (01) පෙරවරුවේ තලවකැලේ ප්‍රදේශයේ මැයි රැළියක් සංවිධාන කර තිබුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්...

ඇල්ල – කරඳගොල්ල නාය යෑම් ගැන පරීක්ෂණ ඇරඹෙයි

ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයෑම් තත්ත්වය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් පිරිසක් අද (01) එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ආපදා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...