28 C
Colombo
Wednesday, May 22, 2024

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දරුණු අතුරු ආබාධ සැඟවි‍මෙන් මුලික මිනිස් අයිතිවාසිකම් කඩවෙලා

- Advertisement -

කොවිඩ් සමයේදී ලබාදුන් AstraZeneca එන්නතින් ඇතිවිය හැකියැයි කියන බරපතල අතුරු ආබාධ ගැන සඟවමින් ජනතාවට එන්නත් ලබා ගන්නා ලෙසට බලපෑම් කිරීම තුලින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මෙම සමස්ත ක්‍රියාධාමය ගැන විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (විශ්‍රාමික) එල් ටී බී දෙහිදෙණිය මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පැවැති සමයේ රජය විසින් එන්නත්කරණය අනිවාර්ය කර තිබුණු අතර එන්නත් නොමැතිව පොදු ස්ථානවලට පැමිණීමට ඉඩ නොදෙන බවට ද නිවේදනය කර තිබුණා.

ඒ අනුව රජයේ මෙම බලපෑම හමුවේ බොහෝ දෙනෙක් එන්නත්කරණය සඳහා යොමු වූ බවට ඔවුන් පෙන්වා දෙනවා.

තවද ඔවුන් පවසන්නේ කොවිඩ් වසංගතය පැවැති කාලයේ දී ලබා දුන් එන්නත්වලින් පසු හෘදයාබාධ සහ එක්තැන්වීම් ආදිය වැඩිවූ බවට ශ්‍රී ලංකාවේ කතාබහක් පැවැතිය ද එය ඒ දිනවලම යටපත් වී ගිය අතර AstraZeneca එන්නතෙන් පසු දරුණු අතුරු ආබාධ ඇතිවිය හැකි බවට එම සමාගම පිළිගත් බව පවසමින් ‘දිවයින’ පුවත්පත සහ දෙස් විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබෙන බවයි.

ඒ අනුව AstraZeneca සහ අනිකුත් කොවිඩ්වලට එරෙහි එන්නත් ලංකාවට ගෙන එද්දි නිසි පර්යේෂණයක් සිදුවී ඇත්ද යන්න ගැන මේ වන විට බරපතල සැකයක් ඇතිවී තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා මෙම ලිපිය යොමු කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...