28.1 C
Colombo
Friday, April 26, 2024

දරුණු වද හිංසාවන්ට ලක්ව කුකුල් කූඩුවක සිරකර සිටි 14 හැවිරිදි දැරියක් සොයා ගැනේ

- Advertisement -

නොරොච්චෝල, ආලංකුඩාවේ පදිංචි 14 හැවිරිදි දැරියක් පිළිස්සීම් ඇතුළු දරුණු වධ හිංසනයන්ට ලක්ව කුකුල් කූඩුවක සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

නොරොච්චෝල – ආලංකුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් අවුරුද්දක් වයසැති සිය දියණිය හදාවඩා ගැනීම සදහා තම සහෝදරියට මීට වසර 13කට පෙර ලබාදී තිබෙනවා.

පසුව ඇය වැඩෙත්ම දැරියගේ නැන්දණිය ඇයට වෙනස්කම් සිදුකර ඇති අතර දැරියට පාසල් අධ්‍යාපනය පවා ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.

දැනට වසර දෙකක කාලයක පටන් ඇයව නිරන්තරයෙන් දරුණු වධ හිංසනයන්ට ලක්කර දම්වැලකින් බැඳ, කුකුල් කූඩුවක සිරකර ඇති බවට නොරොච්චෝල පොලීසිය වෙත තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව පසුගිය සිකුරාදා (23) දිනයේ එහි ගිය පොලිස් නිලධාරීන් හට මෙම දැරියව සොයාගැනීමට හැකිවී තිබෙනවා.

ඇයට සිදුවී තිබූ තුවාල හේතුවෙන් හා ඇයගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් දැරියව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළා.

පොලීසිය සඳහන් කරන්නේ දැරියගේ සිරුර පුරා දරුණු පිලිස්සීම් තුවාල සහ හිසේ ස්ථාන කිහිපයකම දරුණු තුවාල නිරීක්ෂණය වූ බවයි.

එමෙන්ම නිසි ලෙස ආහාර පවා නොලැබූ ඇය අසල්වැසි නිවෙස්වලින් ආහාර සොරාගැනීම හේතුවෙන් ද විවිධ පහරකෑම්වලට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් සිදුවීමට අදාළ දැරියගේ නැන්දණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයව ලබන 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

දැරියගේ පියාද නොරෙච්චෝලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ශරීර ඇප මත මුදා හැරුණා.

RECENT ARTICLES - SINHALA

අනුර ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව...

කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන තුනක් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා. පොලිසිය...

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර තවත් ඍජු ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...