32 C
Colombo
Monday, April 29, 2024

ටික්ටොක් යෙදවුමට නරක කාලයක්

- Advertisement -

ලොව රටවල් රැසක් මේවනවිට TikTok සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අතර ඊට මෑතකාලයේ හොඳම උදාහරණය වූයේ අමෙරිකාවයි.ෙ

එවන් පසුබිමක් තුළ ඉතාලිය ද TikTok සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගෙන තිබෙන බවට වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඉතාලිය විසින් TikTok සඳහා දඩ මුදලක් පනවා ඇති බවත් එලෙස පනවා ඇති දඩ මුදල යුරෝ මිලියන 10 ක් බවයි.

තරුණ හෝ වෙනත් අවදානමට ලක්විය හැකි පරිශීලකයින්ට හානි කළ හැකි අන්තර්ගතයන් පරීක්ෂා කිරීමේදී පරිපූර්ණ නොවීම TikTok වෙත ඉතාලිය එල්ල කර ඇති චෝදනාව වනවා.

බාලවයස්කරුවන් සඳහා අනාරක්ෂිත වීම සම්බන්ධයෙන් TikTok පරීක්ෂාවට ලක් කර එම ගිණුම් සඳහා දඩ මුදල් අය කළ පළමු අවස්ථාව ද මෙය නොවන බව විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය වසරේ, ළමා දත්ත අනිසි ලෙස භාවිතා කිරීම සහ පරිශීලකයින් සඳහා වයස් සීමාවන් කඩ කර වීඩියෝ බෙදාහැරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය විසින් TikTok සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 16 කට ආසන්න දඩයක් නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...