ගාල්ල කොටුව මුහුදු තිරයේ දී කාන්තා මළසිරුරක් හමුව තිබෙනවා.
ගාල්ල පොලීසිය සඳහන් කළේ ඊයේ (31) දිනයේ දී මෙම මළ සිරුර හමුව ඇති අතර මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.
අවුරුදු 35ත් 40ත් අතර වයසැති උස අඩි 05ක් පමණ තලෙළු සිහින් සිරුරක් ඇති කොණ්ඩය කොටට කපා, උඩු කයට තැඹිලි පැහැති හැට්ටයක් ඇඳ ඇති බවට පොලීසිය හඳුනාගෙන තිබෙනවා.
ඇයගේ මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ මේ වන විට තබා ඇති අතර ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.