33 C
Colombo
Thursday, May 2, 2024

ණයක් ගන්න බැංකුවකට මළ සිරුරක් රැගෙන ආ බ්‍රසීල කතක් අත්අඩංගුවට

- Advertisement -

බ්‍රසීලයේ බැංකුවකට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට අමෙරිකානු ඩොලර් 3250 ක ණය මුදලක් ගැනීමට උත්සාහ කළ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට බ්‍රසීල පොලිසිය සමත් වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එරිකා ඩි සෝසා නම් 42 හැවිරිදි කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ඇය බැංකුව රැගෙන විත් ඇත්තේ 68 හැවිරිදි පවුලෝ රොබෙර්ටෝ නම් පුද්ගලයෙකු බවත්, දෙදෙනා ඥාතීන් බව මූලික විමර්ශන වලදී හෙළි වූ බවත් බ්‍රසීල පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

ණය අත්සන් කිරීමට ඇය පෑන අල්ලාගෙන සිටීම නැවැත්වූ විට එම පුද්ගලයාගේ හිස පිටුපසට වැටීම හේතුවෙන් බැංකුවේ කාර්ය මණ්ඩලයට සැකයක් මතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ණය අයැදුම් කිරීමේ කවුන්ටරය වෙත පැමිණි එම කාන්තාව මිය ගිය පුද්ගලයාට පවසා ඇත්තේ, ණය ලබාගැනීමට සදහා ඔහු වෙනුවෙන් තමාට අත්සන කළ නොහැකි බවයි.

එම අවස්ථාවේදී බැංකුවේ කාර්ය මණ්ඩලයට ඇති වූ සැකයක් හේතුවෙන් හදිසි ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් ලබා ඇති අතර, ඒ අනුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...