29 C
Colombo
Sunday, May 5, 2024

ඇඟලුම් සේවකයින් රැගත් බස් රථයක් අනතුරක

- Advertisement -

පුද්ගලික බස් රථයක රියදුරුට හදීසියේ සිහිසුන්වීම හේතුවෙන් ධාවනය කරමින් තිබූ එම බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයක් තුළට කඩා වැදී දරුණු රිය අනතුරකට ලක්ව තිබෙනවා.

අද (07) උදෑසන මෙම පුද්ගලික බස් රථය වවිනියාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අඟලුම්හලකට සේවකයින් රැගෙන යමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී 40කට ආසන්න සේවකයින් සංඛ්‍යාවක් රැගෙන යමින් සිටි මෙම බස් රථයේ රියදුරු එක්වරම සිහිසුන්වී තිබෙනවා.

එහිදී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව ධාවනය වෙමින් තිබූ ප්‍රදේශයේම පාරෙන් ඉවතට පැන නිවසක් සහිත ගරාජයක ගැටී තිබෙනවා.

එම අවස්ථාවේ ගරාජයේ හිමිකරු නිවස තුළ සිට නොමැති අතර, අනතුරින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව සඳහන් වනවා.

එම අනතුරින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් සුලු තුවාල ලැබූ 06 දෙනෙකු මැදවච්චිය රෝහලේ ප්‍රථිකාර ලබනවා.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ 07 දෙනෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට මැදවච්චිය රෝහල් බලධාරින් කටයුතු කර තිබෙනවා.

මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රමුඛ රථවාහන අංශය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...