ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලිටන් දාස් ඉවත් කර තිබෙනවා.
එරට ක්‍රිකට් කළමනාකාරීත්වය විසින් ඔහු ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී කරවීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව ඔහු වෙනුවට, ජකීර් අලී බංග්ලාදේශ කණ්ඩායමට කැඳවීමට නියමිතව ඇති බව සඳහන්.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු සහ දෙවන තරගයන් හීදී ලිටන් දාස් ලකුණු නොලබා දැවී ගොස් තිබුණා.