30 C
Colombo
Saturday, May 4, 2024

සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකුට දිවි අහිමිවන බවට අනාවරණයක්

- Advertisement -

යුද ගැටුම්වල බලපෑම හේතුවෙන් ගාසා තීරයේ සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකු මියයන බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය අනාවරණය කර තිබෙනවා.

දෛනිකව විවිධ තුවාලවලට ලක්වන සහ සෞඛ්‍යමය ගැටලු ඇතිවන දරුවන්ගේ සංඛ්‍යාව ද සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එම ඒජන්සිය පෙන්වාදෙනවා.

ඔවුන් වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා තිබෙන්නේ ජාත්‍යන්තර අධිකරණයේ තීන්දු නොසලකා හරිමින්, ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් දරුවන්ගේ ජීවිත දැඩි අනාරක්ෂිත තත්වයකට පත්ව ඇති බවයි.

පලස්තීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව යුද්ධය හේතුවෙන් මේ වනවිට පලස්තීනුවන් 34,049 මියගොස් තවත් පුද්ගලයින් 76,901 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...