28 C
Colombo
Sunday, May 5, 2024

සෝම හිමිගේ අපවත් වීම ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

- Advertisement -

චැනල් 4 විඩියෝව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එක්වූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සෝම හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

සෝම හාමුදුරුවෝ කියන්නෙ බුද්ධ කාලෙ හිටපු ආනන්ද හාමුදුරුවන් වගේ සුවිශේෂී භික්ෂූන් වහන්සේ නමක් බවත් උන්වහන්සේ පිටරට සංචාරයක ගිහින් සිටින විට අපවත් වුන බවත් මර්වින් සිල්වා මහතා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මර්වින් සිල්වා මහතා සදහන් කළේ බෝර්න් අගේන් කණ්ඩායම විසින් කල කුමන්ත්‍රණයක් මත උන්වහන්සේ අපවත් වීම සිදුවූ බවයි.

පක්ෂයේ පාර්ලිමේන්තුවේ ඉන්න ඉහළ පෙලේ ගොඩක් පිරිස් බෝර්න් අගේන් ආගම අදහන බවත් සඳහන් කළා.

මීට අමතරව දැනට සිටින ධර්මධර ස්වාමින් වහන්සේලාහට ප්‍රවේසම් වන ලෙසත් ආණ්ඩුව මේ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවටත් මර්වින් සිල්වා මහතා වැඩි දුරටත් අදහස් දැක්වුවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...