33 C
Colombo
Monday, April 29, 2024

ප්‍රසිද්ධ විහාරයක දේවාලයක කපුවෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

- Advertisement -

බොරලැස්ගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක දේවාලයක කපුවෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 150ක් තිබී සොයාගෙන ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පිලියන්දල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.

පොලීසිය බොරලැස්ගමුව, වේරහැර, බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන යතුරුපැදියකින් ගමන්කරමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ සැකකරු අදාළ විහාරස්ථානයේ සේවයේ නිරතව සිටියදී විටින් විට ගොස් මෙලෙස හෙරොයින් රැගෙන විත් විහාරස්ථානය තුළදී ඒවා භාවිතා කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (01) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...