ටෙස්ලා විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින්ගෙන් යම් ප්‍රතිශතයක් සේවයෙන් ඉවත් කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ටෙස්ලා සමාගමේ හිමිකරු ඊලොන් මස්ක් පවසන්නේ, අකමැත්තෙන් වුවත් එම තීරණය තමාට ගැනීමට සිදුවන බවයි.
වෙළෙඳපොළ වටිනාකම අනුව ලොව විශාලතම මෝටර් වාහන නිෂ්පාදකයා වන ටෙස්ලා සමාගමට සම්බන්ධව ලොව පුරා පසුගිය දෙසැම්බර් මාසය වනවිට සේවකයින් 140,473ක් සේවය කරනු ලබනවා.
ඒ අනුව මෙම පිරිසෙන් 10%ක් සේවයෙන් ඉවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.