28.9 C
Colombo
Thursday, March 27, 2025

7 දෙනෙක්ට මරු කැඳවූ අනතුරෙන් පසුව DJ රාත්‍රියක්

- Advertisement -

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර අද (21) සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලැබුවා.

මේ අතර, පුද්ගලයන් 07 දෙනෙකුට ජීවිත අහිමි කළ මෙම අනතුරින් පසුවද  අද රාත්‍රී කාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ DJ සංගීත රාත්‍රියක්, එලෙසින්ම පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

Fox Hill Journey නමින් සංවිධානය කර තිබෙන මෙම වැඩසටහනෙහි නිල ෆේස් පිටුවෙහි සඳහන් කර ඇත්තේ ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් 2024 ධාවන පථයේදී සිදු වූ අනතුරින් ජීවිත ගණනක් අහිමි වීම පිළිබඳව ඔවුන් කණගාටුව පළ කරන බවයි.

කෙසේවෙතත්, මෙම DJ සංගීත රාත්‍රිය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් එය අවලංගු කළ නොහැකි තත්වයක් පවතින බවද වැඩසටහන් සංවිධායකයින් පෙන්වා දෙනවා.

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් මෝටර් රථ තරඟාවලිය ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ සහයෝගයෙන් සංවිධානය කර තිබුණා.

බණ්ඩාරවෙල නැෂනල් හොලිඩේ රිසෝර්ට්හි මේ වන විට පැවැත්වෙන Fox Hill Journey DJs Night හි සජීවී විකාශය දැක්වෙන වීඩියෝව පහතින්,

RECENT ARTICLES - SINHALA

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

POPULAR ARTICLES