32 C
Colombo
Monday, April 29, 2024

බ්‍රසීලයේ හිටපු පාපන්දු තරුවකට වසර 09ක සිරදඬුවම්

- Advertisement -

බ්‍රසීලයේ හිටපු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙකු වන රොබින්හෝට ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වසර 09ක සිරදඬුවමක් වෙනුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2013 වසරේ මිලානෝ නුවර රාත්‍රී සමාජ ශාලාවක දී ඇල්බේනියානු කාන්තාවක් සමූහ දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මීට වසර දෙකකට පෙර ඉතාලියේ දී වරදකරු කරනු ලැබුවා.

40 හැවිරිදි රොබින්හෝ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ උපන් නගරය වන සැන්ටොස්හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේදීයි.

ඔහුව ඉතාලිය වෙත පිටුවහල් කිරීමට නොහැකි තත්ත්වයක් මත ඔහුට බ්‍රසීලයේ සිරදඬුවම් නියම කරන ලෙස ඉතාලි රජය බ්‍රසීල රජයෙන් ඉල්ලා තිබුණා.

ඒ, අනුව පසුගිය බදාදා බ්‍රසීලයේ අධිකරණයක් එම තීරණය අනුමත කළ අතර, ඔහු නිවාස අඩස්සියේ සිටීම වෙනුවට සිරගෙදරක රැඳවීමට තීන්දු කළා.

බ්‍රසීලයේ අධිකරණ පද්ධතිය විසින් ගනු ලැබූ මෙම තීරණාත්මක තීරණය දේශීය මාධ්‍යවල බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව තිබෙනවා.

මේ අතර රොබින්හෝ ඔහුගේ කීර්තිය සහ ධනය උපයෝගීකර ගනිමින් යුක්තියේ තීරණය වෙනස් කිරීමේ සූදානමක් පවතින බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...